විශ්වවිද්‍යාල ප්‍රවේශය 25%කින් ඉහළට! රට පුරා විශ්වවිද්‍යාල 300ක්!

January 2, 2020 at 9:41 am | by emanisa.lk

2020 වර්ෂයේ රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා සිසුන් ප්‍රමාණය 25%කින් වැඩි කිරීමට ආණ්ඩුව සැලසුම් කරමින් ඇතැයි අමාත්‍ය ආචාර්යබන්දුල ගුණවර්ධන පවසයි.

දැනට විශ්වවිද්‍යාලවල පවතින භෞතික හා මානව සම්පත් ප්‍රශස්ත ලෙස කළමනාකරණය මගින් මෙම සිසුන් පිරිස බඳවා ගැනීම සැලසුම වී තිබේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (30)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිණි.

නිදහස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට අවම වශයෙන් එකක් වන සේ විශ්වවිද්‍යාල විද්‍යායතන 300ක් පමණ ලංකාව පුරා ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ඌණ උපයෝජිත හා සම්පූර්ණ වශයෙන් අත්හැර දමා ඇති රාජ්‍ය දේපළ යොදා ගන්නා බවත් ඇමතිවරයා කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස