විශ්වවිද්‍යාවල නවක වධය අවසන් කරනවා..! – ජනපති…

October 23, 2022 at 9:56 pm | by emanisa.lk

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමග පැවැති හමුවක දි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

උපාධියක් ලබා ගැනීමේ දී විදේශීය උසස් අධ්‍යාපනයට සාපේක්ෂව මෙරට විශ්වවිද්‍යාලවල වැඩි කාලයක් ගත වන බවට එහිදි එම සිසුන් පෙන්වාදී ඇති අතර එය පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ විධිමත් පිළියමක් නුදුරේ දීම යෙදීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

දේශීය විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඇති වටිනාකම ද ජනාධිපතිවරයා එම සිසුන් වෙත පැහැදිලි කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර වන නමුත් නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවන්ට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බව එහිදි පෙන්වාදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරිමට තමන් කටයුතු කරන බව ද අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස