විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.
ඒ අනුව අප්‍රේල් 17 වෙනිදා නැවතත් සිය අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව මෙතෙක් කල් දැමූ උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු ආරම්භ කිරීමට ද හැකි වනු ඇත.
උපයන විට බදු පහත දැමීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගෙන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය වැඩ වර්ජනයක් දියත් කර තිබිණි.
කෙසේ වුව ද ඔවුන් ඉල්ලූ කිසිදු ඉල්ලීමක් ලබා දීමට රජය එකඟ වී නොමැත.