විල්පත්තු පරිවාර වනාන්තර නැවත වගා කිරීම සඳහා වැය වන මුදල ගණනය කිරීම සඳහා පත් කළ කමිටු වාර්තාව රිෂාඩ් බදියුදීන් සහ නීතිපතිවරයා වෙත යොමුකර තිබේ.
අදාළ ඇස්තමේන්තුව රුපියල් මිලියන 1000කට අධික බව වනසම්පත් අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
අදාළ වන බිම් නැවැත වගා කිරීම සඳහා එම මුදල ගෙවන ලෙස වන සම්පත් දෙපාර්තමේන්තුව රිෂාඩ් බදියුදීන් වෙත දැනුම් දී ඇත.