විරෝධය පා සජබෙ පාර්ලිමේන්තුව වර්ජනය කරයි…!

December 4, 2021 at 10:06 pm | by emanisa.lk

සිය මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කරන තුරු නැවත පාර්ලිමේන්තුවට නොඑන බව සමගි ජන බලවේගය පවසයි.

ඊයේ (03) පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී පිරිසක් මනූෂ නානායක්කාරට පහර දීමට උත්සාහ කර ඇති බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.

පාර්ලිමේන්තුවේ සිදුකරන ප්‍රකාශවලට පිළිතුරු ලබා දෙනු වෙනුවට පහර දීමට පැමිණීම නිසා තමන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් මතුව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *