විරෝධතාකරුවන් පැහැරගත් ටී 56ක් දියවන්නාවේ…! ඉතිරි අවිය තවමත් අතුරුදන්…!

July 25, 2022 at 12:30 pm | by emanisa.lk

පොල්දූව මංසන්ධියේදී විරෝධතාව අතරතුර දී හමුදා සෙබළකුට පහරදී පැහැරගත් ටී 56 ගිනි අවියක් සහ පතොරොම් ගැබක් සමනල පාලම අසල දියවන්නා ජලාශයේ තිබී හමු වී ඇත.

නාවික හමුදා කිමිදුන්කරුවන් විසින් මෙම ආයුධ සොයා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

සමනල පාලම අසල දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට මෙම ගිනි යැවිය තිබී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

ඉකුත් 13 වැනි දින මෙම ගිනි අවිය පැහැරගෙන තිබූ අතර තවත් ගිනි අවියක් සහ පතොරොම් ගැබක් මෙතෙක් හමු වී නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *