වියරුවට කෘෘරත්වයට රට අඟලක් ඉදිරියට ගෙනියන්න බෑ…! මම රට කරවන්නේ දසරාජ ධර්මයෙන්…! – සජිත්…

November 8, 2021 at 9:34 pm | by emanisa.lk

වියරුවට සහ කෲරත්වයට රටක් තිබෙන තැනින් අඟලක් හෝ ඉදිරියට ගෙන යාමට නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

තම වැඩපිළිවෙළි වන්නේ සොඳුරු රටක් සෞභාග්‍යවත් දේශයක් බවත් එය කොටසට පමණක් සීමාවූවක් නොව සෑම පුරවැසියකුට හිමිවන ප‍්‍රතිලාභයක් බවත් ඔහු අවධාරණය කරයි.

රට ගොඩනැගිය හැක්කේ සංවේදී රට ගැන හිතන වැඩපිළිවෙළක් ඇති ජනතා අපේක්ෂාවන්ට ඇහුම්කන් දෙන හිතක් පපුවක් ඇති නායකත්වයක් තුළින් වන බව ද පැවසූ විපක්ෂ නායකවරයා අද රටට අවශ්‍ය වන්නේ ජනතා කේන්ද්‍රීය ජාතික න්‍යාය පත්‍රයක් බව ද සඳහන් කළේය.

වියරුවෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ජනතා ප්‍රශ්නවලට විසඳුම් ලබා දිය නොහැකි බවත් එය කළ හැක්කේ සාකච්ඡාව සම්මුතිය ඇහුම්කන්දීම ප්‍රජාතන්ත්‍රවාදය වැනි මානුෂීය යහ ගුණ ධර්මවලින් බවත් පැවසූ හෙතෙම ඊට ආසන්නම උදාහරණය දසරාජ ධර්මය බව ද පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ තිස්සමහාරාම ප්‍රදේශයේ පැවැති විවෘත කිරීමේ අවස්ථාවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *