වියදමට මිස ඡන්දෙට අපි බය නෑ..! – මුදල් රාජ්‍ය ඇමැති….

February 5, 2023 at 6:53 pm | by emanisa.lk

මුදල් අමාත්‍යංශය මේ අවස්ථවේ වියදමට මිස ඡන්දයට බිය නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, අදායමට වඩා කිහිප ගුණයකින් වැඩි ප්‍රමාණයක වියදම් දැරීමට සිදුව ඇති කාලයක ඉහළින් කළමනාකරණය කරමින් මෙම ඡන්ද කටයුතු පවත්වා ගෙන යන බව ය.

“වියදම් ප්‍රමුඛතා අනුපිළිවෙළකට සකස් කර ගැනීම නිසා තමයි මාස කිහිපයකට කලින් දැක්ක කිලෝමීටර ගණන් දිග මිනිස්සු මැරී වැටුණු පෝලිම් අද දකින්න නැත්තේ, මහ බඩු හිඟය අද දකින්න නැත්තේ සහ ගොවියාට පොහොර ටික ලැබෙන්නේ. ඒ කළමනාකරණය සඳහා භාණ්ඩාගාරය විවිධකාර කළමනාකරණ චක්‍රලේඛ නිකුත් කරනවා.

මුදල් අමාත්‍යංශය වගඋත්තරකරුවෙක් කරමින් මේ ඡන්දය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරලා තිබුණා යම් කිසි පුද්ගලයෙක්. මේ වෙලාවේ මුදල් අමාත්‍යංශයේ තිබෙන අසීරුතා පිළිබඳව දිවුරුම් පෙත්සමක් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරා. ඒක මුදල් අමාත්‍යංශයේ යුතුකම. සැබෑ තත්ත්වය අධිකරණයට කියන එක. ඉන් එහාට ගිහිල්ලා 8 වන දාට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා වියදම් කරන්න බැහැ කියලා එහෙම කිසිදු සූදානමක් මුදල් අමාත්‍යංශයට නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *