තමා ජනාධිපති ධූරයෙන් විශ්‍රාම ගියේ යුද්ධයෙන් තුන් කාලක් අවසන් කර රට දියුණු කිරීමෙන් අනතුරුව බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග පවසයි.
අනතුරුව මහින්ද රාජපක්ෂට අවුරුදු ක් රට පාලනය කළ හැකි වූයේ තමා රට සංවර්ධනය කොට සශ්‍රීක කළ නිසා බව ද ඇය සඳහන් කරයි.
මෑත කාලයේ රටේ සියලු විදුලි බලාගාර හැදුවේ තමන් බවත් හදිසි විදුලි මිල දී ගැනීම් ඔස්සේ කොමිස් ගසන ජාවාරම්කාරයින් මේ රටේ විදුලි බලාගාර තැනීමට ඉඩ ලබා නොදෙන බවත් හිටපු ජනාධිපතිනිය අවධාරණය කරයි.
මේ වන විට සිය පුතා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙනැවිත් රට බේරා ගන්නා ලෙස ආයාචනා කරන ජනතාව නිසා තමන්ට පාරේ යා නොහැකි බවයි, චන්ද්‍රිකා කුමාරතුංග ප්‍රකාශ කළේ
සිය පුතා ගුවන් තොටුපළින් ලංකාවට එන විට ගමන් බලපත්‍රයට මුද්‍රාව තබන නිලධාරීන් පවා සර් රට බේරා ගන්න ආවේ දැයි විමසන බව ද ඇය හෙළි කරයි.
රාජපක්ෂලා සියලු දෙනා එක පසෙක දැම්ම ද විමුක්ති කුමාරතුංගට ඔවුන්ට වඩා හොඳන් රට පාලනය කළ හැකි වුව ද තමා ඔහුට දේශපාලනයට එන්නට ඉඩ නොදෙන බවයි, චන්ද්‍රිකා කුමාරතුංග වැඩි දුරටත් සඳහන් කළේ.