විමල් නැවත ජවිපෙ මහ ගෙදරට යයි ද..? ඇමැති විමල් සහ ජවිපෙ අතර රහස් හමුවක්…!

January 1, 2022 at 10:36 am | by emanisa.lk

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ හා ජනතා විමුක්ති පෙරමුණේ ඉහළ පෙළේ නායකයෙක් අතර පසුගිය දිනෙක ඉතා රහසිගත සාකච්ජා වටයක් පැවැත් වී ඇති බව දැනගන්නට ඇත.

මෙම හමුව ඉතා රහසිගත ස්ථානයක පැවැති බව ද දැනගන්නට ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී ඇත.

මෙහිදී ‌සාකච්ජා වී ඇති කරුණු පිළිබඳ අනාවරණය වී නැතත් ‌දෙපාර්ශ්වයට යළි එකට වැඩ කළ හැකි ආකාරයක් තිබේ ද යන්න පිළිබදව සාකච්ජා වී ඇතැයි ද වාර්තා වෙයි.

පසුගිය දිනෙක් ජනතා විමුක්ති පෙරමුණේ කේ.ඩී. ලාල්කාන්ත සහ නලින්ද ජයතිස්ස ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ජවිපෙ හැර ගිය සාමාජිකයන් ද මේ අවස්ථාවේ යළි ජවිපෙට එකතු කර ගත යුතු බවකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *