විමල් ආණ්ඩුවේ වෙනම කණ්ඩායමක් හදනවා….! ඉහළ ම තැනකින් අවවාද….!

February 7, 2021 at 4:51 pm | by emanisa.lk

කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය සම්බන්ධ සිදුවීමේදී එම ක්‍රියාදාමයට එරෙහිව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ විසින් ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක ප්‍රධානීන් එක්කොට වෙනම කණ්ඩායමක් නිර්මාණය කිරීම පිළිබඳව ආණ්ඩුවේ ප්‍රබලයින් තුළ සැකයක් මතුව තිබේ.

එම සැකය අනුව එලෙස වෙන වෙන කණ්ඩායම් ඇති කිරීමෙන් වැළකී සිටින ලෙස අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු පිරිසට ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකින් දැනුම්දීමක් කිරීමට නියමිත බව දැනගන්නට තිබේ.

තුනෙන් දෙකේ බළයක් සහිත ආණ්ඩුව සෑම විටම එක ආණ්ඩුවක්, එක කණ්ඩායමක් ලෙස කටයුතු කළ යුතු බවත්, එම ආණ්ඩුව ඇතුළේ කල්ලි, කණ්ඩායම් නිර්මාණය කිරීම කිසිසේත්ම අනුමත නොකරන බවත් එහිදී දැනුම්දීමට නියමිත බවද දැනගන්නට ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *