විමල් ආණ්ඩුවේ මුක්කුවක් මිස නායකයෙක් නෙමෙයි….! මුක්කුවලට ආණ්ඩු පෙරළන්න බෑ….! – ලංසා…

February 10, 2021 at 12:05 am | by emanisa.lk

ආණ්ඩුව සිටින පක්ෂ ආණ්ඩුවේ තීරණවලට එකඟ වියයුතු බවත්, කිසිවෙකුටත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට කෙටවීමට ඉඩ නොතබන බවත් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා පවසයි.

විමල් වීරවංශට ආණ්ඩුවේ තීරණ හෝ නායකත්වය විවේචනය කිරීමට අවශ්‍ය නම් ඔහුට ආණ්ඩුවෙන් එළියට ගොස් ඕනෑ ම විවේචනයක් සිදුකළ හැකි බව ලංසා සඳහන් කරයි.

විමල් වීරවංශ යනු පොහොට්ටුවේ මුක්කුවක් මිස නායකයෙකු නොවන බවත්, මුක්කුවලට ආණ්ඩුව පෙරළිය නොහැකි බවත් ඔහු මතක තබාගත යුතු බව නිමල් ලංසා පෙන්වා දෙයි.

ආණ්ඩුවේ සාමූහික තීරණ සමග කටයුතු කළ නොහැකි නම් ඔහුට විකල්ප බලවේගයක් නිර්මාණය කරගත හැකි බවත්, ඒ හරහා ඊළඟ මැතිවරණයට ඉදිරිපත් විය හැකි බවත් නිමල් ලංසා සඳහන් කරයි.

පොහොට්ටුවේ නායකත්වය ගැන තීරණ ගැනීමට පෙර හැකි නම් ගෙදර නායකත්වය ලබාගෙන පෙන්වන ලෙස ඔහුට අභියෝග කරන බව ලංසා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස