විමල්ගේ කතාව සීයට සීයක් හරි..! අපි ඕක අවුරුද්දකට කලින් කිව්වා…! – කිරිඇල්ල…

March 6, 2022 at 10:16 am | by emanisa.lk

හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගියදා රට හමුවේ සිදුකළ ප්‍රකාශය සියයට සීයක් නිවැරදි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.

කෙසේ වුව ද තමන් මේ පිළිබඳ අවුරුද්දකට පෙර අනතුරු ඇඟවීම් කළ බවයි, කිරිඇල්ල පෙන්වා දෙන්නේ.

රාජ්‍ය ආදායම දෙගුණයක් බවට පත්කර යහපාලන ආණ්ඩුව ඉතා ම හොඳ ආර්ථිකයක් භාර දුන්න ද මේ වන විට කිසිදු පළපුරුද්දක් උගත්කමක් නොමැති පිරිසක් එය විනාශ කර ඇති බව ද ඔහු සඳහන් කරයි.

දරුණු යුද ගැටුමකට මැදි වී සිටින රුසියාවෙන් පවා ණය ඉල්ලන හිඟන මට්ටමට රට ඇද දමා ඇති බවට ද මේ වන විට හිඟන්නකු එනු දුටු විට ගේට්ටුව වසන ආකාරයට ම ලංකාවේ නායකයින්ට සිය රටවලට එන්න එපා යැයි කියා බොහෝ රටවල් කියන බවට ද ලක්ෂ්මන් කිරිඇල්ල චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *