ලංකවේ උපකාරක පංති කාර්මාන්තය නියාමනය කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
“අද වෙනකොට පවත්නා තරගකාරී විභාග ක්‍රමය නිසා දෙමාපියන් විශාල මුදලක් වියදම් කරලා, ළමයින් උපකාරක පන්තිවලට යොමුකරනවා. විශේෂයෙන් 3,4,5 යන පන්තිවලත් 10,11 යන පන්තිවල හා 12,13 යන පන්තිවල ළමුන් විශාල ප්‍රමාණයක් උපකාරක පන්ති එකකට හෝ කිහිපයකට සහභාගී වෙනවා.
මෙහි සමස්ත වෙළෙඳ පොළ වටිනාකම බලද්දි වාර්ෂිකව රුපියල් බිලියන 200ක විතර මුදල් හුවමාරුවක් මේ තුළ සිදුවෙනවා. මේ උපකාරක පන්ති නියාමනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ නෑ. උපකාරක පන්ති නියාමනයක් සිදුකර බදු දැලට යටත්වීමක් සිදුවිය යුතුයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් මේ වෙලාවේ අවශ්‍යයි. නොමැති නම් පාසල් අධ්‍යාපනය බිඳවැටී උපකාරක පන්තිවල ගොදුරක් බවට පාසල් අධ්‍යාපනය පත්විය හැකියි.
අදාළ විෂයන් ෆේල් වුණ අයත් උපකාරක පන්තිවලට ඇවිත් උගන්වන තත්ත්වයට පත්වෙලා. ඒ අයගේ සුදුසුකම් යම් ආකාරයට සොයාබැලිය යුතුයි. යම් නියාමනයක් සිදුවිය යුතුයි. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ පෞද්ගලික අධ්‍යාපනයත් ඇතුළත් විය යුතුයි. රාජ්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් පමණක් අපට හැකියාව ලැබෙන්නේ නෑ රටේ උපකාරක පන්ති ක්‍රියාවලියේ වෙනසක් වෙයි කියලා. මේ උපකාරක පන්ති පවත්වන ගුරුවරු කොහේ හරි ලියාපදිංචි විය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශයට මේ ගැන ලොකු කාර්යභාරයක් තියෙනවා.”