විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අගමැති ධුරයට පත් කිරීම සඳහා ඇපකැප වන බව අද (03) දින පාර්ලිමේන්තු මන්ත්රීිිවරයකු ලෙස දිවුරුම් දුන් වරුණ ලියනගේ ප්‍රකාශ කළේය.
පසුගියදා අභාවප්‍රාප්ත වූ රංජිත් සොයිසාගේ හිස් වූ අසුනට රත්නපුර දිස්ත්‍රික් මනාප ලැයිස්තුවේ ඊළඟට සිටි වරුණ ලියනගේ තේරි පත්විය.
දින 52 ආණ්ඩු ප්රජාතන්ත්ර විරෝධී ආණ්ඩු සමයේ තමා එජාපයට සහය දුන් බවත් අනතුරුව සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත්කිරීමට කැප වූ බවත් සඳහන් කළ වරුණ ලියනගේ දිවුරුම් දීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය.