විපක්ෂයේ සිහින ඉටුවෙන්නේ නෑ…! ඉන්ධන හිඟයකට කිසිදු ඉඩක් නෑ…! – ගම්මන්පිල…

October 22, 2021 at 8:36 pm | by emanisa.lk

ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මෙම ණය මුදලට අමතරව ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 500ක ණයක් ඉන්දියාවෙන් ලබා ගැනීමට සූදානමින් සිටින බව කී අමාත්‍ය ගම්මන්පිල, එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර ඇති බව ද සඳහන් කළේය.

මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබා දීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බවත් මෙම තත්ත්වය හමුවේ රටේ ඉන්ධන හිඟයක් ඇති කිරීමට විපක්ෂය මැවූ සිහිනය කිසිසේත්ම ඉටුනොවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *