ත්‍රෛනිකායික මහනාහිමිවරුන් උපරිමාධිකරණ විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළ බව මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියෝ පැවසූහ.
.
තමන් වහන්සේ හමුවීමට පැමිණි ‘නිදහස් නීතිඥයෝ’ සහ ‘දිනන දකුණ’ යන සිවිල් සංවිධානවල නියෝජිත පිරිසක් සමග සාකච්ඡා කරමින් උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.
නීතිඥ ශිරාල් ලක්තිලක,ජනාධිපති නීතිඥමෛත්‍රී ගුණරත්න, රවී කුමුදේශ් ඇතුළු පිරිසක් මේ සඳහා සම්බන්ධ වූහ.
“අපි ලිපියක් යැව්වා..ඒකට මොකක් වුණාද දන්නෑ” යයිද නාහිමියෝ පැවසූහ. විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් සිය කනස්සල්ල ජනාධිපතිවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව මෙහිදී සඳහන් විය.