විනිසුරු වයස් සීමාව ඉහළ නංවා දේශපාලනය මයිනන්ට තහනම් කරන නීති…!

August 1, 2026 at 2:32 pm | by emanisa.lk

මෙරට දේශපාලනඥයන්ට සක්‍රීය දේශපාලනයේ යෙදිය හැකි කාල සීමාව හා වයස්පරාසය සීමා කිරීමේ තවත් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ආණ්ඩුව අභ්‍යන්තරයේ කථිකාවක් ආරම්භ වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒමට අපේක්ෂිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නව සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට, අගමැතිවරයාට සහ කැබිනට් මැති ඇමැතිවරුන්ට එම තනතුරු දැරිය හැකි වාර ගණන මෙන්ම උපරිම වයස් සීමාව ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට යෝජනාවී ඇත.

එසේම පාර්ලිමේන්තුවේ සිට ඉන් පහළ ආයතන සඳහා මහජන නියෝජිතයින් තෝරා පත්තර ගැනීමේදී ඒ සඳහා ඉදිරිපත් විය හැකි වයස් සීමාව මෙන්ම වාර ගණන ව්‍යවස්ථාවට ඇතුලත් කර
එය නීතියක් ලෙස ක්‍රියාවට නැංවීමට ආණ්ඩුව සූදානම් වන බව ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු මෙම සංශෝධනය ගෙන ඒමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව මෙම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සැලසුම් කරන්නේ මේ රට පාර්ලිමේන්තුව,පළාත් සභා හා පළාත් පාලන ආයතනවලට තරුණ නියෝජනය වැඩි කිරීමේ අරමුණින් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස