විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ සහනයක්…! රටට එද්දී නොමිලේ නිරෝධායන පහසුකම්…!

March 25, 2021 at 7:39 pm | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය මත මැදපෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවල නියුතු ලාංකික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වාගැනීමට අවශ්‍ය නිරෝධායන මධ්‍යස්ථාන පහසුකම් නොමිලේ ලබාදීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් රජය විසින් සකසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ අනුව පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක් (10) එම නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට තෝරා ගෙන ඇති අතර ඒවා සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන තිබේ.

එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයිය හැකි වේ. මෙහි දී හෝටල් ගාස්තු, ආහාරපාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *