විදෙස් රැකියා සඳහා පිටත්වීම 10%කින් ඉහළට…!

October 5, 2024 at 8:29 am | by emanisa.lk

සැප්තැම්බර් මාසයේ දී අනෙකුත් මාසවලට සාපේක්ෂව ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා පිටත් ව යාම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

කාර්යාංශය පවසන්නේ මේ වන විට විදෙස් ගතවීම් 10%කින් ඉහළ ගොස් ඇති බවයි .

2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලාංකිකයින් 28,344 දෙනෙකු විදෙස් රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර 2023 වර්ෂයේ සැප්තැම්බර් මාසයේදී විදෙස් රැකියා සඳහා පිටත්ව ගිය ප්‍රමාණය 25,716 ක් බව සඳහන් වේ.

2024 මුල් මාස 9 තුළ විදෙස් රැකියා සඳහා යොමු වී ඇති ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 240,109 ක් ලෙසයි සටහන්ව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *