විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඉහළට… මුල් මාස 04ට ඩොලර් බිලියන 02 පනී…!

May 13, 2024 at 12:49 pm | by emanisa.lk

මෙම වසරේ මුල් මාස හතරේදී විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය ඔස්සේ එවූ මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2 ඉක්මවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

අප්‍රේල් මාසයේදී පමණක් ඔවුන් ඩොලර් මිලියන 543.8ක් එවා ඇති බවයි, අමාත්‍යවරයා පැවසුවේ.

පසුගිය වසරේ මුල් මාස හතර සමඟ සැසදීමේදී විදේශගත ශ්‍රමිකයින් මෙම වසරේ මුල් මාස හතර තුළදී එවූ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 11.4කින් ඉහළ ගොස් තිබේ.

එමෙන්ම පසුගිය වසරේ අප්‍රේල් මාසය සමග සැසදීමේදී මෙම වසරේ අප්‍රේල් මාසයේදී පමණක් රටට ලැබුණ විදේශ ප්‍රේශණ ප්‍රමාණය සියයට 19.7කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

පසුගිය සමයේ විදේශ ගත ශ්‍රමිකයින් මාසිකව මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා පහළ වැටී තිබූ බව ද ඇමැතිවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *