විදුලි බිල වැඩි කළත් දෙසැම්බර් මිල ඉක්මවා යන්නේ නෑ…! – ඇමති නලින්ද ජයතිස්ස…

June 11, 2025 at 2:21 pm | by emanisa.lk

විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැළපිය යුතුය යන්න රජයේ ස්ථාවරය බවත්, කිසිදු ලෙසකින් මෙවර විදුලි බිල වැඩිවීම පසුගිය දෙසැම්බර් මාසයේ පැවති විදුලි ගාස්තු ඉක්මවා නොයන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

“විදුලි බිල නිෂ්පාදන පිරිවැයට ගැලපිය යුතුයි කියන ස්ථාවරයේ රජය ඉන්නවා. දෙසැම්බර් මාසයේ තිබුණු විදුලි බිලට වඩා, කිසිසේත් විදුලි බිල වැඩිවෙන්නේ නැහැ. කර්මාන්තවලටත්, ගෙවල්වලටත්, අනෙකුත් හෝටල් ක්ෂේත්‍රයටත්, දෙසැම්බර් මාසයේ ඔබ ගෙවපු විදුලි බිලට වඩා වැඩි නොවන විදුලි බිලක් ඔබට ලැබේවි. ඒ වෙනුවෙන් රජය කටයුතු කරනවා.”

අද (11) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියකු කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මේ අතර මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ විදුලි බිල 15%කින් ඉහළ නංවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *