විදුලි බිල යළි 70%කින් නංවන්න කැබිනට් අනුමැතිය…!

November 30, 2022 at 8:07 pm | by emanisa.lk

ලබන වසරේ ජනවාරි සහ ජුනි මාසවල දී පියවර දෙකක් යටතේ නැවත විදුලි බිල වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

විදුලි බල මණ්ඩල නිලධාරීන් පවසන්නේ දැනට ලංවිම ලබන පාඩුව පියවා ගැනීම සඳහා 70%ක විදුලි ගාස්තු නැංවීමක් අවශ්‍ය බවයි.

ආර්ථික ස්ථායිකරණය සඳහා වූ ජාතික සභා අනු කමිටුවට හමුවේ මේ බව අනාවරණය වී ඇත.

කමිටු සභාපති හිටපු අමාත්‍ය පාඨලී චම්පික එහි දී ප්‍රකාශ කළේ, මේ සම්පූර්ණ බර ජනතාව මත පැටවිය නොහැකි බවත් ලංවිම තුළ සිදුවන නාස්තිය සහ විදුලි පරිභෝජනය සීමා කිරීම මගින් පිළියම් සෙවිය යුතු බවට එහි දී එකඟ වූ බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *