විදුලි බිල 400%කින් වැඩි වූ නිසා බොහෝ විදෙස් කර්මාන්තශාලා මෙරට අතහැර ඩුබායි වැනි අඩු මුදලට විදුලිය දෙන රටවල්වලට ගොස් ඇති බව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසයි.
බේකරි, විසිතුරු මත්ස්‍ය කර්මාන්තය, නිමි ඇඳුම් කර්මාන්තය ආදී ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත දෙලක්ෂයක් පමණ විනාශ වී ඇති බවයි, ඔහු පෙන්වා දුන්නේ.
විදුලි බිල් ගෙවා ගැනීමට නොහැකි දුප්පත් ජනතාවගේ සබඳතා විසන්ධි කළත් මැති ඇමැතිවරුන් නොගෙවන විදුලි බිල්වලට එවැනි ගැටලු නැති බවට හෙතෙම චෝදනා කරයි.
මෙවර උසස් පෙළ විභාගය ලියන දරුවන් විදුලි සබඳතා කප්පාදුව නිසා දැඩි දුෂ්කරතාවට මුහුණ දී ඇති බව ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.
ජලාශ පිරී ඉතිරී පවතින මොහොතේ ජල විදුලිය අඩු මුදලට ලබා දීමට හැකි බවත් රුපියල් බිලියන 52ක ලාභයක් ලැබූ විදුලි බල මණ්ඩලය එම සහනය ජනතාවට ලබා නොදෙන්නේ මන්දැයි සිතාගත නොහැකි බව සුසන්ත ලියනාරච්චි වැඩි දුරටත් පවසයි.