විදුලි බිල තවත් 20%කින් අඩු කරන්න නිර්දේශ….!

May 6, 2024 at 12:53 pm | by emanisa.lk

විදුලිය බල මණ්ඩලය පසුගිය මාස තුනේ දී රුපියල් කෝටි 8200ක ලාභයක් උපයා ඇති හෙයින් විදුලිය බිල තවත් සියයට 20කින් පමණ අඩු කරන ලෙස ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව නිර්දේශ කරයි.

එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි වලේබොඩ මහතා පවසන්නේ එම සහනය ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින සාමාන්‍ය මහ ජනතාවට මෙන්ම කර්මාන්ත කරුවන්ට නොපමාව ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාව සහ විදුලිබල මණ්ඩලය වහා පියවර ගත යුතු බවයි.

ජනතාවගේ ආර්ථික අපහසුතා එමගින් යම් මට්ටමකට අඩු කළ හැකි වෙතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය. විදුලි බල උත්පාදනයේදී ජල විදුලි බල දායකත්වය පසුගිය වසරේ මුල් භාගයේදී ඉහළ යෑම මණ්ඩලයේ මූල්‍ය කාර්ය සාධනය ඉහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇතැයිද කමිටුව පෙන්වා දෙයි.

විදුලිය මණ්ඩලය පසුගිය වර්ෂයේ දී ලැබූ සමුච්චිත ලාභ ප්‍රමාණය රුපියල් කෝටි 6000 ක් බවත් 2024 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී ලැබූ රුපියල් කෝටි 5100 ක මුදලද ඇතුළත්ව 2024 මාර්තු 31 වනවිට රුපියල් කෝටි 8200 ක ලාභයක් උපයා ඇති බවත් එම කමිටුව සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *