පුනර්ජනනීය බලශක්තිය අධෛර්යමත් කිරීමට ආණ්ඩුව කිසිදු තීන්දුවක් ගෙන නොමැති බව කර්මාන්ත සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
රටේ බලශක්ති පිරිවැය ඩොලර් 0.08ක මට්ටමට ගෙන ඒම සඳහා සුදුසුම ප්‍රභවය පුනර්ජනනීය බලශක්තිය බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
බලශක්ති පිරිවැය වියට්නාමයේ ඩොලර් 0.05ක් ද ඉන්දියාවේ 0.05ක් ද බංගලිදේශයේ 0.05ක් ද වන නිසා විදේශ ආයෝජන රටට ගෙන ඒමට නම් එය ලංකාවේ ද 0.05 මට්ටමට ගෙන ආ යුතු බව නි. ඇමති අබේසිංහ අවධාරණය කරයි.
පසුගිය ආණ්ඩුවලට ඒ සඳහා කිසිදු වැඩපිළිවෙළක් නොතිබූ බවත් මහ පාරේ උද්ඝෝෂණ කළේ තමන් බවත් කිසිවෙකු ඒ වෙනුවෙන් පාරට නොබැස්ස බවත් හෙතෙම පෙන්වා දෙයි.
අද (09) පාර්ලිමේන්තුව අමතමින් චතුරංග අබේසිංහ මේ බව කීය.