පාර්ලිමේන්තුවේ විදුලිය ඇනහිටීම ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී පරීක්ෂණයක් පවත්වන්නැයි තමා කතානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
ඇමැතිවරයා අද (03) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවැසීය.
ඔහු මෙසේ පැවසුවේ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක සභා විවාදයේදීය.
පාර්ලිමේන්තුවේ විදුලිය පාලනය කරනු ලබන්නේ විදුලි බල මණ්ඩලය විසිනැයි පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේ විදුලිය පාලන කටයුතු වෙනම ඉංජිනේරුවරයකු යටතට පත් කරන්නැයි ඉල්ලිමක් කරන බව ද ප්‍රකාශ කළේය.
එය පාර්ලිමේන්තුවේ බලය යටතට පත් කළ යුතු බව ද හෙතෙම කීවේය.
මේ සිද්ධිය වූයේ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ විවාදය යන අවස්ථාවේදී බවත් පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තහවුරු විය යුතු බවත් ඔහු පැවසුවේය.
මේ ප්රශ්නය අවසන් කිරීමට ලක්ෂ්මන් කිරිඇල්ල විපක්ෂයේ සංවිධායකවරයා ද එකඟවූ බවත් තමා ඔහුට ඒ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවැසීය