විදුලිබල මණ්ඩලය ආණ්ඩුව සෙල්ලමට අරගෙන…! මුලින් ම විදුලි නිලධාරීන් පුනරුත්ථාපනය කළ යුතුයි…! – එස්.එම්. චන්ද්‍රසේන…

January 25, 2022 at 5:25 pm | by emanisa.lk

විදුලිබල මණ්ඩලයේ සිටින සමහර නිලධාරීන්, ඉංජිනේරුවන් ආණ්ඩුව සෙල්ලමට ගෙන ඇති බවත් මෙය දිගින් දිගට ම සිදු වන්නේ නම් විදුලි බල මණ්ඩලය මුලින් ම පුනරුත්ථාපනය කිරීමට සිදුවන බව ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

“ඇත්තටම හංගන්න දෙයක් නෑ. තියෙන එකම ප්‍රශ්නය තමයි ඩොලර් ප්‍රශ්නය. විශේෂයෙන්ම ජනාධිපතිතුමාත්, ඇමැතිතුමාත් ප්‍රකාශ කරා විදුලිය කපන්න එපා විදුලියට අවශ්‍ය තෙල් ගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කොහෙන් හරි හොයල දෙනවා කියලා. අපිට ඉතා ම විශ්වාසයි මේ රටේ මුදල් ඇමැතිවරයා දෙයක් කිව්වොත් ඒක කරනවා.ඒ නිසා මම පැහැදිලිව කියනවා විදුලිය කපන්නේ නෑ කියලා.

විදුලිබල මණ්ඩලයේ පුනරුත්ථාපනය කරන්න වෙනවා ඉස්සෙල්ලම. විදුලිබල මණ්ඩලයේ ඉන්න සමහර නිලධාරීන් ඉංජිනේරුවෝ මේ රටේ ජනතාව වගේම ආණ්ඩුව සෙල්ලමට අරගෙන තියෙන්නෙ. මේක දිගින් දිගටම ගියොත් ආණ්ඩුවට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිදුවෙනවා.”

අමාත්‍යවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේ දී පැවැති වැඩසටහනට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නගන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *