ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් වර්තමානයේ මෙන් යහපාලන ආණ්ඩුව කාලයේ ද ආවේගයෙන් කතා කළේ නම් තමන් බොහෝ සතුටු වන බව රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.
රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේ, එදා අගමැති රනිල් වික්‍රමසිංහ රැකගන්නට විජිත හේරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නඩු පැවරූ ආකාරය තමන්ට සිහිපත් වන බවයි.
විජිත හේරත්ට ජනතාව යටත් විජිත හේරත් යැයි නමක් පට බැන්දේ ඊට පසු බවයි, රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
ඊයේ (21) විජිත හේරත් පාර්ලිමේන්තුව අමතමින් සිදුකළ ආවේගකාරී කතාවට පසු අදහස් දක්වමින් සිසිර ජයකොඩි මේ බව ප්‍රකාශ කළේ ය.