විජිත හේරත්ගේ පිංබර සුරතින් විවෘත කළ චෛත්‍ය කොත එසැණින් බිමට කඩා වැටේ…!

October 18, 2022 at 8:09 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් චෛත්‍ය කොතක් නිරාවරණය කරන අවස්ථාවේ එය කඩා වැටීමේ පුවතක් වාර්තා වෙයි.

ගාල්ල, බද්දේගම ඉහළ කිහිඹිය පුෂ්පගිරි විහාරයේ අභිනවයෙන් ඉදිකෙරුනු චෛත්‍ය⁣යේ කොත පසුගියදා (15) නිරාවරණය කිරීමේ උත්සව අවස්ථාවේ දී මෙය සිදුව තිබේ.

“විජිත හේරත් මැතිතුමාගේ පිංබර සුරතින් කොත් වහන්සේ නිරාවරණය කිරීමට සූදානම්” යැයි ශබ්ද විකාශන යන්ත්‍රය ඔස්සේ ප්‍රකාශ කරන විට ජවිපෙ ප්‍රචාරක ලේකම්වරයා ඒ සඳහා ලනුව ඇද ඇති අතර එවිට කොත් වහන්සේ ගැලවී බිමට වැටී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *