අඩුම කාලයක් තුළ වැඩි ම විදේශ ණය ප්‍රමාණයක් ගත් ආණ්ඩුව බවට වත්මන් ආණ්ඩුව පත්ව ඇතැයි සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.
වර්තමාන ආණ්ඩුව මුදල් මුද්‍රණය කළේ නම් අනුර දිසානායක මුදල් ඇමැතිවරයාගේ අත්සන සහිත මුදල් නෝට්ටුවක් පෙන්වන ලෙස ඇමැති විජිත හේරත් කළ අභියෝගය ඔහු උගත් කැලණි විශ්වවිද්‍යාලයට ද කළ නින්දාවක් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
Money Printing යනු මුදල් නෝට්ටු මුද්‍රණය යැයි සාමාන්‍ය ජනතාව සිතීම සාධාරණ වුව ද අවුරුදු 25ක් දේශපාලනය කළ උපාධිධාරියෙකු එය නොදැන සිටීම පුදුමයට කරුණක් බව ද දිලිත් ජයවීර සඳහන් කරයි.
Money Printing යනු රටක මුදල් ද්‍රවශීලතාව ප්රසාරණයට හෝ සංකෝචනයට එරට මහ බැංකුව ගන්නා ප්‍රතිපත්තිමය තීන්දුවට යෙදෙන පාරිභාෂිත වචනය බව ද ඔහු ප්‍රකාශ කරයි.
සර්වජන බලය වත්තල ආසන බල මණ්ඩලය අමතමින් දිලිත් ජයවීර මේ බව කීය.