වික්ටර් Born Again කල්ලියට බිලි දුන්නේ නිලූ අධිකාරී….?නිලූ-කපිල පවුල පිටින් බුද්ධාගම අතහරී…! ප්‍රසංග වේදිකාවෙන් සමුගෙන හැමදාම දෙවියන්ට ගයනවලු…!

February 1, 2021 at 1:40 pm | by emanisa.lk

ජනප්‍රිය ගායන ශිල්පී නිලූ අධිකාරී බුදු දහම අතහැර අන්තවාදී ක්‍රිස්තියානි නිකායක් වැළඳ ගෙන තිබේ.

වසර එකහමාරක් පමණ එම ක්‍රිස්තියානි නිකායේ දේවගැතිවරයෙකු සමග අදහස් හුවමාරු කරගැනීමෙන් පසු ඈ බුදු දහම අතහැර එම නිකායට බැඳී තිබේ.

තමා ඉදිරියට ජනතාව පිනවීමට ප්‍රසංග වේදිකාවේ ගීත නොගයන බවත් දෙවියන් වහන්සේ වෙනුවෙන් ජීවිතය කැප කරන බවත් නිලූ අධිකාරී පවසයි.

ඈ මේ බව පවසන්නේ තවත් බෞද්ධයින් පිරිසක් එම අන්තවාදී ක්‍රිස්තියානි නිකායට බඳවා ගැනීම සඳහා පැවැති සමුළුවක් අමතමිණි.

පසුගියදා Born Again ආගමික කල්ලියට ගොදුරු වූ ජනප්‍රිය ගායක වික්ටර් රත්නායක ඒ වෙත යොමුකර ඇත්තේ ද නිලූ අධිකාරී යුවළ විසින් බවට මාධ්‍ය වාර්තා පළ විය. නිලූ-කපිල යුවළ දරුවන් සඳහා සංගීත පන්ති පවත්වන බැවින් එම දරුවන්ගේ දෙමාපියන් මේ තත්ත්වය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතු බව ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස