වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණ ද අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට බලාපොරොත්තු වන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍රයක් මේ වන විටත් අක්‍රීය ඇති අතර එය එළඹෙන අඟහරුවාදා පමණ වන විට ජාතික පද්ධතියට එක් කිරීමට හැකිවනු ඇතැයි වාර්තා වෙයි.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 03ක් පවතින අතර ඉන් එක් ජනන යන්ත්‍රයක නඩත්තු කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවති. ඒ අනුව, එම බලාගාරයේ මේ වන විට ක්‍රියාත්මක වන්නේ එක් ජනන යන්ත්‍රයක් පමණි.
ජාතික විදුලිබල පද්ධතිය දකුණු පළාත සමඟ සම්බන්ධ කරන සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සකස් කිරීමේ කටයුතුවල මුල් අදියරය මේ වන විට ආරම්භ කර ඇති අතර එම වැඩකටයුතු භාර ගත් චීන සමාගමේ නියෝජිතයින් ද ඉදිරි දින කිහිපය තුළ මෙරටට පැමිණෙනු ඇත.
එම රැහැන් එලීම සඳහා රැගෙනවිත් තිබූ යන්ත්‍රෝපකරණ අදාළ ඉඩම සම්බන්ධයෙන් පැවැති මතභේදාත්මක තත්ත්වය අනෙකුත් මෙහෙයුම් කටයුතු සඳහා මෙයට මාස 03කට පමණ පෙර රැගෙන ගොස් තිබූ අතර ඒවා නැවත අදාළ ඉඩම් වෙත ගෙනැවිත් තිබේ.