වැව් හදන්න මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙමෙයි…! – ජනාධිපතිතුමා….

November 1, 2026 at 4:07 pm | by emanisa.lk

අනුර දිසානායක වැව් කීයක් හදා ඇද්දැයි දේශපාලන වේදිකාවේ කෑ ගසමින් ඇතැයි ජනාධිපති අනුර දිසානායක පවසයි.

එහෙත් තමන් වැව් හදන්නට පණ්ඩුකාභය රජතුමා නොවන බවයි, ජනාධිපතිවරයා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආණ්ඩුවේ ජනරැලියක් අමතමිනි.

කෙසේ වුවද සති කිහිපයකට පෙර පැවති අනුරාධපුර මහා ජනරැලියේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ අවුරුද්ද ඇතුළත අනුරාධපුර දිස්ත්‍රික්කයේ පමණක් වැව් 450ක් තැනීමට සැලසුම් කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *