මේ අවුරුද්දේ වැව් 450ක් හදනවා… පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. ඒකයි පොඩි පාරවල් ටික හදා ගන්න බැරි…! – ජනපති…

September 15, 2026 at 12:31 pm | by emanisa.lk

ආණ්ඩුව කිසිදු මුදලක් ණයට නොගෙන ආණ්ඩුව උපයාගත් මුදලින් මල්වතු ඔය ව්‍යාපාරය ආරම්භ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

ගොවි ජන සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වැව් 16 000ක් ඇතැයිද ඒ අතරින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවතින වැව් 3000න් මේ වසර තුළ වැව් 450ක් තැනීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ඒ සඳහා රුපියල් මිලියන 35000 වෙන්කර ඇති බවද ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.

කුඩා මාර්ග තැනීම සඳහා මුදල් වෙන්කළද පොඩි ප්‍රශ්නයක් ඇතැයිද මැදපෙරදිග යුද්ධය නිසා අපට ගැළපෙන තාර වාර්ගය ලබාගත නොහැකි වී ඇතැයිද හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.

පසුගියදා (13) නොච්චියාගම ජනරැලියක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *