වැදි පරපුරෙන් කණ්ඩායමක් ඡන්දෙට…!

December 25, 2022 at 11:07 pm | by emanisa.lk

ඉදිරි කාලයේදී පළාත් පාලන මැතිවරණය පවත්වනු ලැබුවහොත් ආදිවාසී ජනතාව වෙනුවෙන් ද ස්වාධීනව මැතිවරණයට පිවිසීමට සූදානම් බව ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් පවසයි.

ඒ සඳහා අවශ්‍ය තරුණ නියෝජිතයන් තෝරන ලෙස අම්පාර, වාකරේ සහ පොල්ලෙබැද්ද යන ආදිවාසී පළාත්වල නායකයන්ට දැනුම් දීමක් සිදුකළ බව ද සඳහන් කළේය.

ආදිවාසී ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් පසුගිය කාලයේ කිසිදු දේශපාලනඥයකු විසින් ලබාදී නැතැයි ද ඌරුවරිගේ වන්නිලෑ ඇත්තන් කීවේය.

පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආදිවාසි ජනතාව අතර නියම සුදුස්සන් සිටින බව කී වන්නිලෑ ඇත්තන් දේශපාලන පක්‍ෂවලින් ඉදිරිපත් නොවී ස්වාධීනව තරග කිරීම වැදගත් බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *