වැදි නායකයාත් කාදිනල් සමග මැතිවරණ ඉල්ලා සටනට..!

September 29, 2022 at 9:40 am | by emanisa.lk

වැදි නායක ඌරුවරිගෙ වන්නිලැත්තන්ද ඊයේ (28) මහ මැතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා තිබිණි.

බදුල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ඔහු සඳහන් කර තිබුණේ අරගලයේ නිරතව සිටි තරුණ තරුණියන් වෙනසක් ඉල්ලා සිටි බවයි.

එම වෙනස ඇති කිරීමට නම් ජනතාවට තමන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමේ අවස්ථාව ලබා දිය යුතු බවත් මහ මැතිවරණයකින් පසුව බිහිවන නව පාලනයක් හරහා අර්බුද විසඳා ගැනීම තරුණයන්ගේ අපේක්ෂාව බවත් වැදි නායකයා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *