වැඩි වැටුප් ඉල්ලා වරාය සේවක විරෝධතා…!

November 30, 2023 at 9:57 am | by emanisa.lk

වැටුප් වැඩි නොකිරීමට විරෝධය පළ කරමින් එළැඹෙන සතියේ සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය පවසයි.

සාමුහික ගිවිසුමක් හරහා වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීම පසුගිය ඔක්තෝබර් 23 වැනි දින රැස් වූ කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව අත්හිටුවනු ලැබිණි.

ඒ අනුව වරාය සේවකයන්ට වැටුප් වැඩි කිරීමේ ගැටලුවක් මේ වන විට පැන නැගී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඊයේ (29) දිනයේ දී සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමය සභාපතිවරයා හමු වී සාකච්ඡා සිදු කර ඇත.

කෙසේ වෙතත් එම සාකච්ඡා අසාර්ථක වූ බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *