වැඩි කළ විදුලි ගාස්තුව 50%කින් පහළට..!

January 4, 2024 at 5:41 pm | by emanisa.lk

පසුගිය වසරේ ඔක්තෝබර් මාස සියයට 18 කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් සියයට 50 ක් පමණ හැකි ඉක්මණින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ පවසයි.

පසුගිය මාස තුනක කාලය තුළ අඛණ්ඩව ලැබුණු වාර්ෂාවේ වාසිය ජනතාවට දීමට විදුලිබල මණ්ඩලය කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව ජලයෙන් විදුලිය ජනනය කිරීමෙන් ලැබූ ලාභය අනිවාර්යෙන් මහ ජනතාවට ලැබිය යුතු යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවත් හෙතෙම කීය.‍

විදුලිබල මණ්ඩලයේ පසුගිය වසරේ අවසන් ගිණුම් වාර්තා මේ වන සකස් කරමින් සිටින බවත් එම වාර්තා සකස් කළ වහාම විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මහජන උපයෝගිතා කොමිසමට යොමු කළ හැකි බවත් නන්දික පතිරගේ කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *