වෘත්තීය අරගලය වාරණය කරමින් අධිකරණ නියෝගයක් ලැබුණහොත් සියලු ම සෞඛ්‍ය වෘත්තීය සමිති එකතුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකට යන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් පවසයි.
තම වෘත්තීය සමිති එකතුවෙන් ලබා දුන් වැටුප් ප්‍රතිපත්තිය ගැන කිසිදු සැලකිල්ලක් නොකර එය ඉවත දැමීම නිසා මෙම වෘත්තීය අරගලයට යාමට සිදු වූ නිසා ජනතාව දැඩිව අපහසුතාවට ලක්වූ බවත් ඒ සඳහා සම්පූර්ණයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වගකිවයුතු නිසා අධිකරණ ක්‍රියාමාර්ගයට යන බවත් හෙතෙම සඳහන් කළේය.