වැටුණු රට ගොඩගන්න පුළුවන් නායකයා මමයි..! මගේ ආණ්ඩුවට අඩුවට තෙල් දෙන්න රටවල් තුනක් කැමතියි..! – සජිත්..

March 3, 2022 at 8:10 pm | by emanisa.lk

තමා ප්‍රමුඛ සමගි ජන බලවේගයට වැටී ඇති රට ගොඩ නැගීමට හැකි බවත් එය ඉටු කිරීමේ හැකියාව තමන් සතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

වසර දෙකකට සහනදායි ක්‍රමය යටතේ තෙල් ලබා ගැනීම වෙනුවෙන් මැදපෙරදිග රටවල් තුනක් සමග තමන් සාකච්ඡා කළ බවත්, එම රටවල් තුන ම ඊට එකඟව ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා, වර්තමාන පාලනය යටතේ එවන් සහයක් ලබා දීමට එම රටවල් අකමැති බව ද අනාවරණය කළේ ය.

රට වැටී තිබෙන බරපතළ අර්බුදයෙන් ගොඩ ගැනීම වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ යුතු බව කී සජිත් ප්‍රේමදාස, වංචාව දූෂණය මර්දනයෙන් තොරව ඒ වෙනුවෙන් කැපවිය යුතු බව ද පැවසීය.

ලෝක වනජීවී දිනය නිමිත්තෙන් යාල පැවැති උත්සවයකට එක් වෙමින් විපක්ෂ නායකවරයා අද (03) මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *