ජනවාරි සිට අය කෙරෙන සියයට දහ අටක වැට් බදු නිසා සූර්ය පැනලයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ වැඩිවන බව ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලයේ ලේකම් ලක්මල් ප්‍රනාන්දු පවසයි.
පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය ඉහළ දැමීමට කතාබහ කරන පසුබිමක මෙවැනි සිදුවීමක් වීම විශේෂය.
සූර්ය බලයෙන් විදුලිය නිපදවීමට තිබෙන අවස්ථාව මේ නිසා මඟහැරී යන බවත් ලබන වසරේදීත් ඉන්ධන, ගල් අඟුරු ඇතුළු අධික වියදම් සහිත ප්‍රභවයන්ගෙන් විදුලිය නිපදවීමට සිදුවන බවත් ලක්මල් ප්‍රනාන්දු කීය.
කළ යුතුව ඇත්තේ සූර්ය පැනල මිල අඩු කිරීම වුවත් මෙතෙක් නොතිබූ වැට් බද්දක් නිසා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අඩපණ වී යනු ඇතැයිද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.