‘මයි කෝලා’ සිසිල් බීම නිෂ්පාදන සමාගමේ කඩවත කර්මාන්ත ශාලාවට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සීල් තබා තිබේ.
මෙම කර්මාන්ත ශාලාව ඊයේ (17) පස්වරුවේ සෝදිසි කළ අවස්ථාවේදී මෙසේ සීල් තබා ඇත්තේ එම කර්මාන්ත ශාලාවේ තිබී කල් ඉකුත් වූ අමු ද්‍රව්‍ය තොගයක් හමුවීම නිසාය.
අද දිනයේ මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ද අධිකාරිය විසින් ආයතනයට දැනුම් දී ඇත.