සිය වසර 11ක පාසල් ජීවිතයට සමු දී යන දිනය ඉතා ම වෙනස් ආකාරයට සැමරූ සිසු පිරිසක් පිළිබඳ සමාජ මාධ්‍ය වාර්තා කරයි.
සිය පන්තියේ ඩෙස් පුටු විදුලි පංකා කඩා දමා පුටු කිහිපයක් පන්ති කාමරයේ සිවිලිමේ එල්ලා ඇති ආකාරය ඡායාරූපවල දැක්වෙයි.
මෙම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ ඩෙස් පුටු කඩා දමා පාසලින් සමු ගැනීම සැමරූ සිසු පිරිස බව ද දැන ගන්නට ඇත.
කෙසේ වුව ද මෙම සිද්ධිය ඇති වූ පාසල පිළිබඳ තොරතුරු වාර්තා වන්නේ නැත.