වසර 10කට රට අපට භාරදෙන්න…! 11 වන වසරේ ආසියාවේ දියුණුම රටක් ඔබට භාර දෙන්නම්…! – මනෝ…

May 30, 2021 at 12:33 pm | by emanisa.lk
රටේ පාලනය වසර 10 කට ලබා දුනහොත්, දකුණු ආසියාවේම ප්‍රමුඛ රටක් බවට ලංකාව පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.
ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවිඩයක් නිකුත්කරමිනි.
ශ්‍රි ලංකාවේ සිංහල-බෞද්ධ නොවන අයකුට ජනාධිපති හෝ අගමැති හෝ ප්‍රමුඛ ඇමතිවරයෙක් හෝ  විය නොහැකි බව අපේ රටේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ලිය නොවුණු නීතියක් බව ද මන්ත්‍රීවරයා පවසයි.
”වාර්ගික, ආගමික, භාෂාමය, සුළුතර මෙවැනි වෙනස්කම් අත්හිටුවා, වසර 10 ක් රට අපට ලබා දෙන්නේ නම්, දකුණු ආසියාවේ ම ප්‍රමුඛ රටක් ලෙස 11 වන වසරේ දී අපි නැවත ඔබට රට භාර දෙන්නෙමු.”
 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *