වසර පුරා ලැබුණු පිරිකර විකුණා දරුවන්ට මහා දන් දුන් වෙස්සන්තර හාමුදුරුවෝ…!

October 2, 2023 at 8:47 am | by emanisa.lk

වසර පුරා දානමානවලින් එකතු වූ පිරිකර, අටපිරිකර මෙන්ම සෙසු පිරිකර අලෙවි කර ලබාගත් මුදලින් ලෝක ළමා හා වැඩිහිටි දිනය දා වැලිකන්ද අලුත්වැව ගම්මානයේ දරුවන් විහාරස්ථානට ගෙන්වා සියලු දෙනාට ත්‍යාග සහ පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීමට වැලිකන්ද අලුත්වැව ශ්‍රී සීලාලංකාර මහා විහාරයේ විහාරාධිපති පිටිපන කවීශ්වර නාහිමියෝ කටයුතු කළහ.

මෙම වැඩිසටහනට දරුවන් දෙසීයකට ආසන්න පිරිසක් සහභාගී වී සිටි අතර පැමිණි සියලු දෙනාට ම තෑගිබෝග මෙන්ම පෝෂදායී ආහාර ලබාදීමට එහි දී කටයුතු කෙරිණි.

ඉතා දුෂ්කර දිවි පෙවතක් ගත කරන අලුත්වැව ගම්මානය වන අලි ගැටලුවලට මුහුණ දෙන ගම්මානයක් මෙන්ම අඩු ආදායම්ලාභී පවුල් විශාල පිරිසක් ජීවත්වන ගම්මානයකි. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ලෝක ළමා දිනයදා ළමයින් සතුටු කර, ඔවුන්ට හරි හැටි පෝෂදායි ආහාර වේලක් ලබාදීමටත් පැමිණි සියලු දෙනා හට තෑගි ලබා දීමටත් තමන්ට ලැබී තිබූ සියලු පිරිකර, අටපිරිකර, සෙසු පිරිකර, ලබාදෙමින් මෙම කටයුත්තට යොදාගත් බව පිටිපන කවීශ්වර හිමියන් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *