වසංගතය මැද දේශීය කර්මාන්ත පිබිදෙයි….! 2020 අපනයන ආදායම 104%කින් ඉහළට…!

January 26, 2021 at 9:43 am | by emanisa.lk

අපේක්ෂිත ඉලක්ක අබිබවා යමින් පසුගිය වසරේ දී (2020) මෙ රට සමස්ත භාණ්ඩ හා සේවා අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 9.9ක් (රුපියල් කෝටි 188 100) ඉක්මවා සටහන් වී ඇත.

අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලට අනුව එය පසුගිය වසර වෙනුවෙන් ඉලක්ක කර තිබූ ඩොලර් බිලියන 9.5ක (රුපියල් කෝටි 180,500) අගය පැහැදිලි ලෙස ඉක්මවා යෑමකි. ඒ අනුව 2020 දී උපයා ඇති අපනයන ආදායමේ වර්ධනය 104%කි.

කොවිඩ් -19 වසංගතය මෙරට ව්‍යාප්ත වීමට ප්‍රථම 2020 වර්ෂය ආරම්භයේ දී අපනයන සංවර්ධන මණ්ඩලය විසින් එම වර්ෂයේදී මෙරට සමස්ත අපනයන ආදායම සඳහා ඩොලර් බිලියන 13.5ක ඉලක්කයක් ලබා දී තිබිණ. එහෙත් වසංගතය හේතුවෙන් වර්ෂය මැද දී එම ඉලක්කය සංශෝධනය කෙරුණු අතර ඒ අනුව සංශෝධිත ඉලක්කය ඩොලර් බිලියන 9.5ක් ලෙස සටහන් කෙරිණි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *