යහපාලනාණ්ඩුව වරාය නගරෙන් 51%ක් චීනෙට දෙන්න හැදුවා…! දැන් බොරු දේශප්‍රේමියෝ වෙලා කිඹුල් කඳුලු හෙළනවා…! – සබ්‍රී….

May 21, 2021 at 12:30 pm | by emanisa.lk

යහපාලන ආණ්ඩුව ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 156 වතාවක් සංශෝධනය කිරීමට සිදු වූ බව අධිකරණ ඇමැති අලි සබ්‍රි පවසයි.

අද වරාය නගර ආර්ථික කොමිසම් පනතෙහි වඟන්ති 25ක් සංශෝධනය කිරීම විවේචනය කරන කණ්ඩායම සිටියේ කොහිදැයි ඇමැතිවරයා ප්‍රශ්න කරයි.

කොළඹ වරාය නගරය කොළඹ මහ නගර සභාවෙන් එළියට ගෙන සමාගමක් පිහිටුවා එහි අයිතියෙන් 51%ක් චයිනා හාබර් සමාගමට දිය යුතු බව කී පිරිස අද ආණ්ඩුව රට පාවා දෙන්නේ යැයි කෑ ගැසීම විහිළුවක් බව ද ඇමැති සබ්‍රි ප්‍රකාශ කළේ ය.

ඊයේ (21) වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එකතු වෙමින් අධිකරණ ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස