වරාය නගරෙන් අවුරුද්දට ඩොලර් බිලියන 15ක් රටට ලැබෙනවා…! – වරාය නගර සභාපති…

March 12, 2024 at 3:31 pm | by emanisa.lk

තමන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ධුරය භාර ගන්නා අවස්ථාවේ එම භූමිය හිස් කාන්තාරයක් සේ දක්නට ලැබුණු බව එහි සභාපති දිනේෂ් වීරක්කොඩි පවසයි.

මාස 15ක් ගත වන විට එහි බොහෝ යටිතල පහසුකම් සපුරාලීමට හැකි වූ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවේ විශාලතම ඍජු ආයෝජන ව්‍යාපෘතිය වරාය නගරය බව ද දිනේෂ් වීරක්කොඩි කීය.

එමගින් අනාගතයේ දී මෙරට ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 15 බැගින් එකතු කරනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.

කොළඹ වරාය නගර ව්‍යාපාරික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සව අවස්ථාව සමග අද (12) උදෑසන එකතු වෙමින් හෙතෙම මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *