වරාය නගරයට පිවිසීම සඳහා චීන තානාපති කාර්යාලයෙන් වීසා ලබාගත යුතු බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.
ඕනෑ ම අයෙකුට වරාය නගරය වෙත පිවිසීමට කිසිදු බාධාවක් නැතැයි මන්ත්‍රීවරයා අවධාරණය කරයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක වනු දැකීම සමගි ජන බලවේගයේ අපේක්ෂාව බව ද ඔහු ප්‍රකාශ කරයි.
නුදුරු අනාගතය් දී ම සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටු වන බවත් එවිට රට දියුණු කිරීම සඳහා වරාය නගරය වැදගත් බවත් හර්ෂ ද සිල්වා පෙන්වා දෙයි.
අද (22) සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේ ය.